News Line| Off Air
Generic placeholder image

Jul
3

ගත වූ පැය 24 තුළ හොරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

470 Views


ගත වූ පැය 24 තුළ හොරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට

ගත වූ පැය 24 තුළ සිදු කළ වැටලීම් වලින් හොරොයින් සමග සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පානදුර ගල්කිස්ස කොළඹ 14 බොරැුල්ල සහ බදුල්ල ප‍්‍රදේශ වල සිදු කළ මෙහෙයුම් වලදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ. සැකකරුවන් අද අධීකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජාතික මත්ද්‍ර‍ව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සිදු කල දීප ව්‍යාප්ත සුරාබදු මෙහෙයුම් වලදී පුද්ගලයින් 1814 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස නිපදවු ස්ප‍්‍රීතු අලෙවි කිරීම සම්බන්ධයෙන්.

වසරේ ගත වූ කාලය තුළ මත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 20,309 ක්.

ගතවු වසර 5 තුල විෂ මත්ද්‍රව්‍ය කිලෝ 24,818 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මේ වසරේ ගතවු කාල සීමාව තුළ අත්අඩංගුවට ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝ 1029 ක්.

විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු 1984 දුරකතන අංකයට දැනුම් දෙන ලෙස රජය ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post