News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවේ නිළසංචාරයකට සුදානම්

795 Views


තායිවාන ජනාධිපතිනිය ඇමරිකාවේ නිළසංචාරයකට සුදානම්

තායිවාන ජනාධිපතිනි ත්සායි ඉන් වෙන් ඇමරිකාවේ නිළසංචාරයකට සුදානම් වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කලේ තායිවාන රජයේ මෙම නිවේදනය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇති බවයි.

තායිවාන ජනාධිපතිනියට ඇමෙරිකාවට පැමිණීමට ඉඩ නොදෙන්නැයි චීනය ඇමෙරිකාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

තායිවානය චීනයේ පළාතක් බවත්, තායිවානයට රාජ්‍යයක් හා ගනුදෙනු කිරීමට කිසිදු අයිතියක් නැති බවයි චීනය පවසන්නේ
ඇමෙරිකාව මේ වන තෙක් තායිවානය සමඟ නිල වශයෙන් සම්බන්ධතා පවත්වන්නේ නැහැ.

තායිවානයේ ප‍්‍රධාන රාජ්‍ය තාන්ත‍්‍රික සහකරුවා සහ එරට ආයුධ සපයන ප‍්‍රධාන සැපයුම්කරුවා වන්නේ ඇමෙරිකාවයි.


News Articles
Latest Videos
Most Popular Post