News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

දින 07 කදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 1814 ක් අත්අඩංගුවට

718 Views


දින 07 කදී මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් 1814 ක් අත්අඩංගුවට

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය නිමිත්තෙන් සිදු කල දීප ව්‍යාප්ත සුරාබදු මෙහෙයුම්වලදීපුද්ගලයින් 1 814 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වැඩිම පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත්තේ නීති විරෝධී ලෙස නිපදවු ස්ප‍්‍රීතු අලෙවි කිරීම සම්බන්ධයෙන්.

වයස අවුරුදු 21 කට අඩු පුද්ගලයින් සදහා දුම්වැටි අලෙවි කල වෙළදසැල් හිමියන් 68 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තවත් පුද්ගලයින් 90 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත්තේ ප‍්‍රසිද්ධ ස්ථාන වල දුම්වැටි පානය කිරීමේ වරද සම්බන්ධයෙන්. අත්අඩංගුවට ගත් සියලූ සැකකරුවන් ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කලේ.

පසුගිය ජූනි මස 23 වනදා සිට ජූලි පළමු වනදා දක්වා වු සතිය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ලෙස නම් කර තිබුණා.
එම කාල සීමාව තුළ දීප ව්‍යාප්ත වැටලීම් සදහා අනුයුක්ත කර තිබු සුරා බදු නිළධාරීන් සංඛ්‍යාව දහසකට අධිකයි.


News Articles
Latest Videos
Most Popular Post