News Line| Off Air
Generic placeholder image

Jul
3

දිමුත් සහ හොල්ඩර් තරග තහනමකට ලක්වීමේ අවධානමක

1833 Views


දිමුත්  සහ හොල්ඩර් තරග තහනමකට ලක්වීමේ අවධානමක

මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රි ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර පසුගිය සිකුරාදා දින පැවැති තරගයේ දෙපිලෙම නායකයින් නියමිත කාලය තුල පන්දුවාර 50 යවා අවසන් නොකිරිම හේතුවෙන් නයකයින් දෙදෙනාට තරග ගාස්තුවෙන් සියයට 40 ක් බැගින් දඩ නියම කර ඇති බව වාර්තා වෙනවා. ඊට අමතරව සෙසු ක්‍රිඩකයින් සියලු දෙනාට තරග ගාස්තුවෙන් සියයට 20 බැගින් ද දඩ නියම කර තිබෙනවා.
එමෙන්ම දිමුත් කරුණාරත්නගේ නායකත්වය යටතේ ශ්‍රි ලංකා කණ්ඩායම හෝ හොල්ඩර්ගේ නයකත්වය යටතේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඉදිරි මාස 12 තුළ දි යළි මෙම වරද සිදු කළහොත් දෙපිලෙම නායකයින්ට තරග තහනමක් පනවනු ඇති බව පැවසෙනවා.


News Articles
Latest Videos
Most Popular Post