ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිම්න් සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කර තිබූ වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා.
රජය විසින් දුමිරිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගිය සතියේ අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළා. එයද නොතකමින් පසුගිය බ‍්‍රහස්පතින්දා දින සැලසුම් කල පරිදි වැඩවර්ජනය ක්‍රියාත්මක කලද මේ වන විට සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාතී‍්‍ර 12.00 සිට දුම්රිය වෘත්තීය සමිති කි‍්‍රයාත්මක කිරීමට සැලසුම් කල වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත් ඔවුන් පවසන්නේ ප‍්‍රවාහන බලධාරීන් දුම්රිය සේවක අයිතිවාසිකම් මර්දනය කිරීම සඳහා දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කිරීමට එරෙහිව ඉදිරියේදී දැඩි වෘත්තිය කි‍්‍රයාමාර්ගයක් ගන්නා බවයි. ඒ සදහා සියලුම වෘත්තීය සමිති එකතු වෙන බවද එමෙන්ම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සියළු දුම්රිය වෘත්තිය සමිති අද (03) පෙරවරුවේ රැස්වීමට නියමිතව බවද දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩමහතා වැඩිදුරටත් පැවසුවා.