News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
3

බංලාදේශයේත් ලෝක කුසලාන බලාපොරොත්තුව සිහිනයක් වෙයි

646 Views


බංලාදේශයේත් ලෝක කුසලාන  බලාපොරොත්තුව සිහිනයක් වෙයි

මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් ලකුණු 28 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (02) රාති‍්‍රයේ සමත් වුණා. ඒ අනුව අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායම වන්නේ ද ඉන්දීය කණ්ඩායමයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 50 ක් අවසානයේදී කඩුළු 9 ක් දැවී ලකුණු 314 ක් රැස් කළා.රෝහිත් ශර්මා මෙවර තරගාවලියේ සිය සිව්වන ශතකය වාර්තා කරමින් ඊයේ රැස් කළ ලකුණු සංඛ්‍යාව 104 ක්. ඒ අනුව එක් ලෝක කුසලාන තරගාවලියක ශතක 4 ක් වාර්තා කරමින් කුමාර් සංගක්කාර තැබූ වාර්තාව සම කිරීමට රෝහිත් ශර්මා මෙහිදී සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කල බංගලාදේශයට ලබා ගත හැකි වුයේ පන්දුවාර 48 ක් අවසානයේ සියල්ලන් දැවී ලකුණු 286 ක් පමණයි. මෙවර තරගාවලියේ සිව් වන අර්ධ ශතකය වාර්තා කරමින් ශකීබ් අල් හසන් ඊයේ තරගයේදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 66 ක්. පන්දු යැවීමේදී ජස්පි‍්‍රට් බුම්රා ලකුණු 55 කට කඩුළු 4 ක් බිද හෙලීමට සමත් වුණා. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ ශතකයක් වාර්තා කළ රෝහිත් ශර්මායි.


News Articles
Latest Videos
Most Popular Post