News Line| Off Air
Generic placeholder image

Jul
3

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වලට අද දැඩි උණුසුම් කාලගුණයක්

799 Views


මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වලට අද දැඩි උණුසුම් කාලගුණයක්

මඩකළපුව හා අම්පාර දිස්ත‍්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට අද දැඩි උණුසුම් කාලගුණයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ පිළිබඳව එම ප‍්‍රදේශවල ජනතාව අවධානය යොමුකළ යුතු බවයි.

මේ දින වල පවතින උණුසුම් කාළගුණය හේතුවෙන් සෞඛ්‍ය අංශද උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා. උණුසුම් සහිත කාළගුණයට වැඩි වේලාවක් නිරාවරණය වී සිටීමෙන් තෙහෙට්ටු තත්වයක් ඇති වන අතර එම තත්වය මත තවදුරටත් ක‍්‍රියාකාරකම්වල නිරත වුවහොත් විජලනය සහ ලවණ ඉවත් වීමෙන් මස්පිඩු පෙරළීම් ඇතිවීය හැකියි.

ප‍්‍රමාණවත් ලෙස ජලය පාණය කරන ලෙසත් සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ දැනුම් දෙනවා. පවතින තත්වය යටතේ වැඩිහිටි රෝගී පුද්ගලයන් පිළිබදව විමසිලිමත් විය යුතු අතර කුඩා ළමුන් රථවාහන තුළ තනිව රදවා යාමෙන් වැළකිය යුතුයි.

උණුසුම් තත්වය පාලනය කර ගැනීම සදහා සුදු හෝ ලා පැහැති ඇදුම් භාවිත කරන ලෙසයි සෞඛ්‍ය අංශ දැනුම් දී සිටින්නේ.
මේ අතර වියළි කාලගුණය හමුවේ ඇතැම් පුද්ගලයින් සතුන් දඩයම් කිරීමේ අරමුණින් කැලෑ ගිනි තැබීමේ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසුවේ එවැනි පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ගන්නා බවයි.


News Articles
Latest Videos
Most Popular Post