හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ අනිවාර්ය නිවාඩු යාවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අද (03) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළ බව පොලිසිය පවසනවා.
රෝහල් ගතව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඊයේ (02) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණවලට අදාලව පූජිත් ජයසුන්දර මහතාට සහ හේමසිරි ප්‍රනාන්දු මහතාට ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දී තිබීම හේතුවෙන්.
ඊයේ රාත්‍රියේ නාරාහේන්පිට පොලිස් රෝහල සහ කොළඹ ජාතික රෝහල වෙත පැමිණි මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට ඉදිරිපත් වූ කරුණු සලකා බලා පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
මොවුන් දෙදෙනා මේ වන විට බන්ධනාගාර නිළධාරින් භාරයේ තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි සදහන් වන්නේ. එමෙන්ම මොවුන් දෙදෙනා අද දිනය දක්වා බන්ධනාගාර ගත කර අද අධිකරණයට කරුණු අක්වීමට වාර්තා කරන ලෙසද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර තිබෙනවා.
පොලිස්පති ධුරය දරමින් සිටියදී චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ප්‍රථම පොලිස්පතිවරයා පූජිත් ජයසුන්දර මහතා බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවා.