News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

813 Views


අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් 5 ක් අත්අඩංගුවට

දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සීගිරිය, තල්කොටේ ග්‍රාමසේවා වසමට අයත් සියඹලන්කොරටුව යාය ප්‍රදේශයේ අනවසර කැණීම් සිදුකළ පුද්ගලයින් 5 දෙනෙක් අද (04) අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නටඹුන් සහිත ස්ථානයක් වන මෙහි අඩි 8 ක් දිගට සහ අඩි 6 ක් පළලට මෙම අනවසර කැණීම් සිදු කර ඇති අතර මේ සදහා භාවිත කළ උපකරණ රැසක්ද පොලීසිය බාරයට ගැනුනා.

සීගිරිය පුරා විද්‍යා කාර්යාලය හා සීගිරිය පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.

සීගිරිය හා දඹුල්ල ප්‍රදේශයන්හි පසුගිය කාලයේ සිදුවූ මෙවන් අනවසර කැණීම් කටයතු හා නිදන් හැරීම් සම්බන්ධයෙන් නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් මධ්‍යම පළාත් භාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර මහතාගේ විශේෂ අවධානයට ලක්කර තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post