News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
4

නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් අත්අඩංගුවට

437 Views


නීති විරෝධි ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් 16 ක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, කල්අඩිචේනෙයි මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධි ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

2019 ජුලි 03 වන දින නැගනෙහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් සිදු කළ මුර සංචාරයක් අතරතුරදි නීති විරෝධි දැල් භාවිතා කරමින් ධීවර කටයුතුවල නිරත වීම හේතුවෙන් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන්.

මොවුන් වයස අවුරුදු 24 ත් 60 ත් අතර පසුවන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක් සහ තහනම් ධීවර දැල් 02 ක් නාවික හමුදා බාරයට ගෙන තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වෙරුගල්, ධීවර පරික්‍ෂක කාර්යාලය වෙත බාර දීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post