මංතීරු නීතිය යටතේ රියදුරන් 5 120 දෙනෙකුට එරෙහිව දඩ නියමකර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ පසුගිය මස 10 වනදා සිට මංතීරු නීතිය ක‍්‍රියාත්මක බවයි.
මෝටර් වාහන පනතේ 148 වන වගන්තිය යටතේ මංතීරු නීතිය ක‍්‍රියාත්මකයි.
නීතිය කඩකරන රියදුරන් රුපියල් 2000 ක දඩයකට යටත් වන බව එහි සදහන්.
බීමත් රියදුරන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කිරීම සඳහා දිවයින පුරා විශේෂ මෙහෙයුමක් හෙට සිට ක‍්‍රියාත්මකයි.