News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

අද ක්‍රියත්මක නොවූ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සදුඳා ක්‍රියාත්මකයි

449 Views


අද ක්‍රියත්මක නොවූ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව සදුඳා ක්‍රියාත්මකයි

බිඳ වැටී ඇති පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

පරිගණක පද්ධතියේ බිඳ වැටීමක් හේතුවෙන් අද දිනයේ ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක කිරීමට නොහැකි වූ බව එහි කොමසාරිස් ජනරාල් වියානා ගුණතිලක මහතා සඳහන් කළා.

කෙසේවෙතත් දෙපාර්තමේන්තුවේ අනෙක් සේවා කටයුතු සාමාන්‍ය පරිදි අද දිනයේ සිදුවන අතර බිඳ වැටුණු පරිගණක පද්ධතිය යථාවත් කිරීමේ කටයුතු මේ වන විට සාර්ථකව සිදුවන බැවින් සදුඳා දිනයේ සිට ජාතික හැඳුනම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක කරන බව කොමසාරිස් ජනරාල් වියානා මහතා තවදුරටත් සදහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post