News Line| Off Air
Generic placeholder image

Jul
5

පාසල් ළමුන්ට ඉදිරියේදී අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපනය ලැබිය හැකි බව පී.හැරිසන් කියයි

454 Views


පාසල් ළමුන්ට ඉදිරියේදී අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපනය ලැබිය හැකි බව පී.හැරිසන් කියයි

සංවර්ධිත රටවල් මෙන් අපේ රටේ ද තවත් නොබෝ කලකින් පෙළපොත් අභ්‍යාස පොත් වෙනුවට පරිගණක යන්ත්‍ර මඟින් අධ්‍යාපන ක්‍රියාකාරකම් සිදු කළ හැකි රටක් වන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.

“ළඟම පාසල හොඳම පාසල”වැඩසටහන යටතේ මැදවච්චියේ මෛත්‍රීපාල සේනානායක ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකළ නව තෙමහල් ගොඩනැඟිල්ල ජනතා අයිතියට පත් කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

“ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා නොමිලේ පොත් ටික ලබා දුන්නා. ප්‍රේමදාස ජනාධිපතිතුමා නොමිලේ සුදු රෙදි ලබා දුන්නා. අද රනිල් වික්‍රමසිංහ මැතිතුමා නොමිලේ ටැබ් පරිගණක යන්ත්‍ර ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කරමින් පවතනවා යැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා.

තාක්ෂණය දියුණු වී ඇති බැවින් වේගයෙන් සංවර්ධිත රටවල අන්තර්ජාලයට ගියවිට තමන්ගේ පාඩම බාගත කරගත හැකි බවත් එය නරඹමින් පූර්ව උදාහරණ සහිතව විශ්ලේෂණය කරගත හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

“ළඟම පාසල හොඳම පාසල” වැඩසටහන යටතේ අඟුණච්චිය මුස්ලිම් මහා විද්‍යාලයත්,කිරිගල්වැව මහා විද්‍යාලයත්, පදවිය බුද්ධංගල ප්‍රාථමික විද්‍යාලයේ ගොඩනැඟිලි කිහිපයක්ම අමාත්‍යවරයා විසින් ජනතා අයිතියට පත් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post