News Line| Off Air
Generic placeholder image

Jul
5

මඩකලපුවේදී පැහැර ගැනීමට ලක් වූ පොලීසියේ රිවෝල්වරය හමුවෙයි

793 Views


මඩකලපුවේදී පැහැර ගැනීමට ලක් වූ පොලීසියේ රිවෝල්වරය හමුවෙයි

මඩකලපුව පුදුර් ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ රාජකාරියට බාධා කර පැහැර ගැනීමට ලක්වූ ඔවුන් සතුව තිබුණු රිවෝල්වරය ප්‍රදේශයේ අතුරු මාර්ගයක දමා ගොස් තිබියදී අද (05) සොයා ගෙන තිබෙනවා.

ප්‍රදේශය භාර උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද (05) පස්වරු 4ට පමණ මෙම රිවෝල්වරය සොයා ගත් බවයි. සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05 දෙනෙකු ද ඊයේ (04) අත්අඩංගුවට ගනු ලැබුවා.

බලපත්‍රයක් නොමැතිව යතුරුපැදියක් ධාවනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මඩකලපුව පොලීසිය වෙත රැගෙන එමින් සිටියදී මෙම සිද්ධිය සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post