News Line| Off Air
Generic placeholder image

Jul
5

මාකඳුරේ මධුෂ් කළ ප‍්‍රභළ අපරාධ සිද්ධින් 04 කට අදාළ විමර්ශන ආරම්භ කරයි

610 Views


මාකඳුරේ මධුෂ් කළ ප‍්‍රභළ අපරාධ සිද්ධින් 04 කට අදාළ විමර්ශන ආරම්භ කරයි

සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මාකඳුරේ මධුෂ් විසින් සැළසුම් කළ ප‍්‍රභල අපරාධ සිද්ධින් 04 කට අදාළ විමර්ශන ආරම්භ කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සදහන් කලේ කලූතර දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිදුවීම ද ඊට ඇතුළත් බවයි.

පිළියන්දල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශයේ නිළධාරීන්ට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබදව ද විමර්ශන ආරම්භ කර තිබෙනවා. සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වු කොස් මල්ලී නැමැත්තා ඝාතන සිද්ධිය සැළසුම් කර ඇත්තේ මාකඳුරේ මධුෂ් විසින්.

මහරගම ප‍්‍රදේශයේ දී රුපියල් කෝටි 700 ක දියමන්ති කොල්ලය ද විමර්ශන සිදු කරන සිදුවීම් අතරට ඇතුළත්. මෙම සිද්ධීන් 04 ට අදාළ දුරකතන ඇමතුම් පිළිබඳව අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔහුගෙන් කල ප‍්‍රශ්න කිරීම් වලදී ගිනි අවි කිහිපයක් ද සොයා ගත් බවයි පොළීසිය සදහන් කලේ.

ප‍්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්” නොහොත් සමරසිංහ ආරච්චිගේ මධූෂ් ලක්ෂිත නැමැත්තා ඇතුලූ 25 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හිදී අත්අඩංගුවට ගැනීමෙන් පසු මැයි මස 05 වනදා මෙරටට පිටුවහල් කලා. පසුව ඔහු එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post