News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනයට

1224 Views


යාපනය පලාලි ගුවන් තොටුපල කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනයට

යාපනය පලාලි ගුවන් තොටුපළ, කලාපීය ගුවන් තොටුපලක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු අද පෙරවරුවේ ආරම්භ කෙරෙන බව පැවසෙනවා. අගෝස්තු මාසයේ පළමුවන සතියේදී ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින් කලාපීය වශයෙන් සිවිල් ගුවන් සේවා ආරම්භ කිරීම මෙම සංවර්ධන ව්‍යාපෘතියේ මූළික අරමුණ බව වැඩිදුරටත් සදහන් වෙනවා.

මේ සඳහා දැනට අයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 2,250ක්. ඒ සඳහා ඉන්දීය රජයෙන් රුපියල් මිලියන 300ක් ආධාර වශයෙන් ලැබී තිබෙන අතර මෙම ව්‍යාපෘතිය අදියර 03ක් යටතේ සිදු කෙරෙනවා.

මෙම ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීමත් සමග පලාලි සිට ඉන්දියාවේ මුම්බායි, හයිද්‍රාබාද්, කෝචිං, සහ බැංග්ලෝර් දක්වා ගුවන් ගමන් සිදු කිරීමට ද අපේක්ෂිතයි.


News Articles
Latest Videos
Most Popular Post