News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
5

වෛද්‍ය සාෆිට වඳ සැත්කම් සිදු කළ බවට එල්ල වූ චෝදනා අතුරු වාර්තාවෙන් තහවුරු වෙයි

1194 Views


වෛද්‍ය සාෆිට වඳ සැත්කම් සිදු කළ බවට එල්ල වූ චෝදනා අතුරු වාර්තාවෙන් තහවුරු වෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය, සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි විසින් සිදු කළ සැත්කම් සම්බන්ධයෙන් ලැබී ඇතිි පැමිණීලි පිළිබඳ කෙරුණු මූලික් විමර්ශනයේ අතුරු වාර්තාවක් එම රෝහලේ අධක්‍ෂවරයා විසින් අධිකරණය වෙත භාර දී තිබෙනවා.

ඒ අනුව මෙම වෛද්‍යවරයා විසින් සිසේරියන් සැත්කම් 4372ක් සහ සාමාන්‍ය දරු ප‍්‍රසූති 79ක් සිදු කර ඇති අතර අදාළ මව්වරුන් කළ පැමිණිලි අනුව සිදු කළ පරීක්ෂණවලදී මෙම වෛද්‍යවරයා ඉතා වේගයෙන් සහ සම්මත ක‍්‍රමවේදයෙන් බැහැරව සිසේරියන් සැත්කම් සිදු කර ඇති බව අනාවරණවී ඇතැයි අධිකරණයට ඉදිරිපත් කළ එම අතුරු වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙනවා. එමගින් මවකගේ පැලෝපීය නාලය ඇතුළු අවයව කිහිපයකට හා මෘදු පටකවල‍ට හානියක් සිදු විය හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.
ඒ හරහා මව්වරුන්ගේ මද සරුභාවය සම්බන්ධයෙන් නිගමනයකට එළඹිය හැකි බවද එහි දැක්වෙනවා. මෙම පුද්ගලයට එරෙහිව මව්වරුන්ගෙන් පැමිණිලි 766ක් ඉදිරිපත් කර තිබූ බව එම අතුරු වාර්තාවේ සඳහන් වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post