News Line| Off Air
Generic placeholder image

Jul
6

අක්මීමන වෙඩි තැබීමට සම්බන්ධ යුධ සෙබලා බූස්ස 581 බලසේනා මූලස්ථානාධිපති වෙත

658 Views


අක්මීමන වෙඩි තැබීමට සම්බන්ධ යුධ සෙබලා බූස්ස 581 බලසේනා මූලස්ථානාධිපති වෙත

අක්මීමන මානවිල් ප‍්‍රදේශයේ පාසලක රාජකාරි අතරතුර සිදුවු වෙඩි තැබීමට සම්බන්ධ යුධ හමුදා සෙබලා බූස්ස 581 වන බලසේනා මුලස්ථානාධිපති වෙත භාර කර තිබෙනවා. ඒ ඊයේ ගාල්ල අතිරේක මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මෙම අවස්ථාවේ හදිසි නීතිය ක‍්‍රියාත්මක බැවින් නීතිපති උපදෙස් ලැබෙන තෙක් හමුදා සෙබලා රදවා තැබීමටයි අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ. මේ සම්බන්ධයෙන් වහා නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසද අක්මීමන පොලිසියට අතිරේක මහේස්ත‍්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

අක්මීමන මානවිල් ප‍්‍රදේශයේ විද්‍යාලයකට බලහත්කාරයෙන් ඇතුලූවීමට උත්සාහ කළ පුද්ගයෙකුට ආරක්ෂක රාජකාරියේ යොදවා සිටි යුධ හමුදා සෙබලකු පෙරේදා සිදුකළ වෙඩි තැබීමෙන් එම පුද්ගලයා ජීවිතක්ෂයට පත් වුණා. වෙඩි තැබීමෙන් මියගියේ 39 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය නිවේදනය කළේ. පෙරේදා දහවල් 12 ට පමණ මෙම පුද්ගලයා බලහත්කාරයෙන් විදුහලට ඇතුලූ වීමට උත්සාහ කර තිබුණා.

එහිදී රාජකාරියේ යොදවා සිටි යුද හමුදා සෙබලූන් දෙදෙනාගෙන් අයෙක් ඔහු නවතා පරීක්ෂා කිරීමට උත්සාහ කිරීමේදී ගිනි අවිය උදුරා ගැනීමට අදාළ පුද්ගලයා උත්සාහ කර තිබෙනවා. එය මැඩ පැවැත්වීමට මෙම වෙඩි තැබීම සිදුකළ බවයි පොලිසිය සදහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post