කළු පාලමේ අලුත් වැඩියා කටයුත්තක් හේතුවෙන් සැප්තැම්බර් 30 වනදා වැල්ලම්පිටිය අඹතලේ තොටලග මාර්ගයේ වාහන ගමනාගමනයට අවහිරතාවයන් ඇති විය හැකි බව වාර්තා වෙනවා.
එහිදි විකල්ප මාර්ගයන් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ කොහිලවත්ත මාර්ගයෙන් බැස ඔරුගොඩවත්ත මංසන්දියට පැමිණිය හැකි බවද එමෙන්ම තවත් විකල්ප මාර්ගයක් වන්නේ අඹතලේ – තොටලග මාර්ගයෙන් පැමිණ පරණ අවිස්සාවේල්ල මාර්ගය ඔස්සේ ඔරුගොඩවත්තට පැමිණිය හැකි බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩි දුරටත් සදහන් කළා