News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

ඉරාකයේ ඓතිහාසික බැබිලෝන් නගරය ලෝක උරුම ලැයිස්තුවට එක්කිරීමට තීරණයක්

523 Views


ඉරාකයේ ඓතිහාසික බැබිලෝන් නගරය ලෝක උරුම ලැයිස්තුවට එක්කිරීමට තීරණයක්

ඉරාකයේ ඓතිහාසික බැබිලෝන් නගරය ඇතුළු තවත් ස්ථාන කිහිපයක් ලෝක උරුම ලැයිස්තුවට එක්කිරීමට යුනෙස්කෝ සංවිධානය තීරණය කර තිබෙනවා.
යුනෙස්කෝ සංවිධානය මෙම පියවර ගෙන ඇත්තේ ඓතිහාසික බැබිලෝන් නගරය ලෝක උරුමයක් ලෙස නම් කරන්නැයි ඉරාකය ඉල්ලීම් කර වසර 30 කට පසුවයි.
බැබිලෝන් නගරය සැලකෙන්නේ ඉරාකයේ පිහිටි පස්වැනි ලෝක උරුමය ලෙසයි.
පෞරානික බැබිලොන් නගරය යුප‍්‍රටීස් නදී ඉවුරේ පිහිටා තිබෙනවා.
දැවැන්ත කුළුණු, ගඩොලින් සෑදූ දේවස්ථාන සහ වරෙක ලෝක පුදුම හතෙන් එකක් ලෙසින් සැලකුණු එල්ලෙන උද්‍යාන වැනි සුවිශේෂී ඉදිකිරීම් හේතුවෙන් බැබිලොන් නගරය වඩාත් ප‍්‍රකටයි.


News Articles
Latest Videos
Most Popular Post