News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

ප්‍රබල භුකම්පනයකින් අමෙරිකාව සෙලවෙයි

1455 Views


ප්‍රබල භුකම්පනයකින් අමෙරිකාව සෙලවෙයි

අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් පසු සිදුවු ප්‍රබලතම භුකම්පනය මෙය වන අතර දශක දෙකක් තුල කැලිෆෝනියාවට බලපෑ විශාලතම භුකම්පනය මෙය බවයි විශේෂඥයින් පවසන්නේ.

එමෙන්ම ඒකක 7.2ක ප්‍රබල භුකම්පනය සිදුව ඇත්තේ දකුණු දිග කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක විම හේතුවෙන් ජිවිත හානි කිසිවක් මේ දක්වා වාර්තා නොවු බව එරට ප්‍රාන්ත බලධාරින් පවසනවා.

කෙසේ වුවත් ස්ථාන කිහිපයකම විදුලිය බිද වැටිම් සිදුව ඇති බවට හා ගිනි ගැනිම් සිදුව ඇති බවටද නිවාස සහ දේපළ වලට යම් හානි සිදුවු බවට වන වාර්තා ලැබෙමින් පවතින බවයි පැවසෙන්නේ


News Articles
Latest Videos
Most Popular Post