News Line| Off Air
Generic placeholder image

Jul
6

පාකිස්තාන්යෙත් ලෝක කුසලාන සිහිනය බොදව යයි

858 Views


පාකිස්තාන්යෙත් ලෝක කුසලාන සිහිනය බොදව යයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ බංගලාදේශය හා පකිස්තාන සමග පැවැති තරගයෙන් ලකුණු 94ක ජයක් අත් කර ගැනීමට පකිස්තාන කණ්ඩායම සමත්වුණා. කෙසේවෙතත් එම ජයග‍්‍රහණය පකිස්තානයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම සඳහා ප‍්‍රමාණවත් වූයේ නැහැ.

කාසියේ වාසිය හිමිකර ගෙන පළමුව පන්දුවට පහරදුන් පකිස්තානු කණ්ඩායම පන්දුවාර 50 තුළ කඩුළු 09ක් දැවී ලකුණු 315ක් රැස් කළා. එහිදී පාකිස්ථානය වෙනුවෙන් ඉමාම් උල්හක් ලකුණු 100යි. බාබර් අසාම් ලකුණු 96ක් රැස් කළා. පන්දු යැවීමේදී මුස්තාෆිසූර් රහමන් ලකුණු 75කට කඩුළු 05ක් දවා ගත්තා.

පිළීතුරු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායමට පන්දුවාර 44 යි එක් පන්දුවකදී සියලූ දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 221ක් පමණයි. බංග්ලාදේශය වෙනුවෙන් ශකීබ් අල් හසන් ලකුණු 64ක් රැස් කළා.

පන්දු යැවීමේදී පකිස්තානයේ විශිෂ්ඨ දස්කම් දැක්වූ යොවුන් කී‍්‍රඩක ශහීන් ෂා අෆ්රිඞී ලකුණු 35කට කඩුළු 06ක් බිඳ හෙලූවා.මෙම දස්කම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී වාර්තා වූ හොඳම පන්දු යැවීම ද වන අතර ලෝක කුසලාන තරග ඉතිහාසයේ පකිස්තාන පන්දු යවන්නෙකු කඩුළු 06ක් දවා ගත් පළමු අවස්ථාවද මෙයයි. ලෝක කුසලාන කි‍්‍රකට් ඉතිහාසයේ කඩුළු 05කට වැඩියෙන් ලබා ගත් ලාබාලතම කී‍්‍රඩකයා ලෙසට ද ඔහු වාර්තා අතරට එක්වුණා.


News Articles
Latest Videos
Most Popular Post