News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

පොලිස්පතිගෙන් ප්‍රකාශයක් ගන්න අධිකරණයෙන් CIDයට අවසර

428 Views


පොලිස්පතිගෙන් ප්‍රකාශයක් ගන්න  අධිකරණයෙන්  CIDයට අවසර

නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් එම රෝහලට ගොස් ප්‍රකාශයක් ලබා ගැනීමට අධිකරණය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබාදී ඇති බව වාර්තා වෙනවා.

කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් එම අවසරය ලබා දී තිබෙන අතර පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකුට 2017 වසරේදී සාපරාධි බලහත්කාරය පෑම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාලව එම ප්‍රකාශය ලබා ගැනීමට නියමිත බවද පැවසෙනවා.
පාස්කු ඉරුදින ප්‍රහාරය වලක්වා ගැනීමට හෝ බලපෑම අඩුකර ගැනිමට ක්‍රියා නොකිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා මේ වන විට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.


News Articles
Latest Videos
Most Popular Post