News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
6

වෛද්‍ය සාෆිට එරෙහිව සාක්ෂි දුන් වෛද්‍යවරුන්ට සහ මව්වරුන්ට ආරක්ෂාව ලබා දිය යුතු බවට ඉල්ලීමක්

418 Views


වෛද්‍ය සාෆිට එරෙහිව සාක්ෂි දුන්  වෛද්‍යවරුන්ට සහ මව්වරුන්ට ආරක්ෂාව ලබා දිය යුතු බවට ඉල්ලීමක්

කුරුණෑගල රෝහලේ වෛද්‍ය සෙයිගු සියාබ්දීන් මොහොමඞ් සාෆි සිදු කළ සැකකටයුතු සැත්කම් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමට ඉදිරිපත්වූ වෛද්‍යවරුන්ට සහ මව්වරුන්ට ආරක්ෂාව ලබා දිය යුතු බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සංගමය මහ ලේකම් මහාචාර්ය චන්න ජයසුමන පවසනවා

එමෙන්ම වෛද්‍යවරයා සම්බන්ධයෙන් සඳහන් කුරුණෑගල රෝහලේ ලිපි ලේඛණවලටද විශේෂ ආරක්ෂාවක් සැලසිය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කලේ.

මේ අතර වෛද්‍ය සාෆි සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ වෙනත් කණ්ඩායමක් වෙත භාර දෙන්නැයි ඉල්ලා ජාතික පොලිස් කොමිසම වෙත ඊයේ පැමිණිල්ලක් ද ඉදිරිපත් කෙරුණු අතර එය ඉදිරිපත් කළේ සිංහල රාවය සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින්ය.


News Articles
Latest Videos
Most Popular Post