ඉදිරි වසර කිහිපය තුළ ජාතික ශිෂ්‍ය භට බළකාය තුළ වෙනස්කම් රැසක් සිදු කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ජාතික ශිෂ්‍ය භට බළකායේ අන්තර් පළාත් ක්‍රිඩා උලෙළේ සමාප්ති උත්සවයට ඊයේ (07) එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.
ඉදිරි වසර කීපයේ දී මේ රටේ අධයාපන ක්‍රමය වෙනස් වන අතර ඒ අනුව ශිෂ්‍ය භට බලකායත් පරිවර්ථන යුගයකට ගමන් කළ යුතු බව අග්‍රාමාත්‍යවරයා කියා සිටියා.
13 ශ්‍රේණිය දක්වා අඛණ්ඩ පාසල් අධ්‍යාපනයකට යොමු කරවීම හේතුවෙන් දිවිතීය අංශයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වැඩි වීමට සමගාමීව ශිෂ්‍ය භට බලකායේ වැඩි වීමක් තමන් අපේක්ෂා කරන බවත් මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර ඇති බවත් ඔහු ද ඒ සඳහා කැමැත්ත ලබා දී ඇති බවත් අගමැතිවරයා වැඩි දුරටත් සඳහන් කළා.