News Line| Off Air
Generic placeholder image

Jul
8

අවිශ්ක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙයි

656 Views


අවිශ්ක එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ඉදිරියට පැමිණෙයි

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම්වල ස්ථාන 10ක් ඉදිරියට පැමිණ තිබෙනවා. ඒ අනුව එම සටහනේ ඔහු පසුවන්නේ 85 වන ස්ථානයේ බව වාර්තා වෙනවා.

එමෙන්ම ඇන්ජලෝ මැතිව්ස් පිතිකරු ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 02ක් ඉදිරියට පැමිණියා. ඒ ඉන්දියාවට එරෙහිව ශතකයක් වාර්තා කිරීමත් සමගයි. මෙවර ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගත් ලසිත් මාලිංග එක්දින පන්දු යැවීම් ශ්‍රේණිගත කිරීම් සටහනේ ස්ථාන 11ක් ඉදිරියට පැමිණියා. ඒ අනුව මාලිංගට හිමිව ඇත්තේ 33වන ස්ථානයයි.


News Articles
Latest Videos
Most Popular Post