ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මේ වනවිට තීරණය කර තිබෙන බව වාර්තා වෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර සඳහන් කළේ ඊට අදාළ නිල තීරණය අද හෝ හෙට ප‍්‍රකාශයට පත් කරන බවයි.
එමෙන්ම විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීමේදී ගන්නා තීරණය පිළිබඳ පොදුජන පෙරමුණට සහය දක්වන මන්තී‍්‍රවරුන්ගෙන් විමසීමක් කල විට ඔවුන්ගේ ද අදහස වුයේ විශ්වාසභංගට පක්ෂව සිය ජන්දය දෙන බවයි.
මෙම විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ජනතා විමුක්ති පෙරමුණ වන අතර ඊයේ දින ආරම්භ කෙරුණු ජනතා විමුක්ති පෙරමුණේ පා ගමන අද (08) පෙරවරුවේ මොරටුවෙන් ආරම්භ කෙරුණා. නුගේගොඩදී අද පස්වරුවේ ජන රැළියක් පවත්වා පාගමන අවසන් කිරීමටයි නියමිතව ඇත්තේ.