News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

ඊයේ හදිසියේ කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය අතර හමුවක්

525 Views


ඊයේ හදිසියේ කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය අතර හමුවක්

කැබිනට් මණ්ඩලය සහ ආරක්ෂක මණ්ඩලය හදිසියේ ඊයේ (07) පස්වරුවේ ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී තිබෙන බව වාර්තා වෙනවා.

සාමාන්‍යයෙන් කැබිනට් මණ්ඩලය රැස්වන්නේ අඟහරුවාදා දිනයේ වුවත් ජනාධිපතිවරයා හෙට (09) දිනයේ පෞද්ගලික සංචාරයක් සඳහා විදෙස් ගත වන බැවින් මෙලෙස හදිසියේ කැබිනට් මණ්ඩලය රැස්වී ඇති බව පැවසෙනවා.

එමෙන්ම ආරක්ෂක මණ්ඩලය ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වී තිබෙන අතර සාමාන්‍යයෙන් ආරක්ෂක මණ්ඩලය රැස්වන්නේ ද බදාදා දිනයේයි.කෙසේවෙතත් අමාත්‍යවරුන් කිහිපදෙනෙකු ඊයේ පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී වී නැහැ. ඒ අතරට මුදල් අමාත්‍යවරයාද අයත් බව වාර්තා වෙනවා. ඊයේ දිනයේ කැබිනට් මණ්ඩලය රැස් වන බවට අමාත්‍යවරුන්ට දැනුම් දී ඇත්තේ සෙනසුරාදා දිනයේ බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post