News Line| Off Air
Generic placeholder image

Jul
8

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය

508 Views


කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය

කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.

කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලට සහ මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බලප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

එමෙන්ම කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රදේශීය සභා බල ප්‍රදේශ සහ රත්මලාන හා සොයිසාපුර මහල් නිවාසවලට ද ලබන බදාදා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙන බව සදහන්.

එම ප්‍රදේශවලට ලබන බදාදා පෙරවරු 09 සිට පසුදා පෙරවරු 09 දක්වා පැය 24ක කාලයක් අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.


News Articles
Latest Videos
Most Popular Post