News Line| Off Air
Generic placeholder image

Jul
8

ග‍්‍රීසි මහ මැතිවරණයේ ජය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට

432 Views


ග‍්‍රීසි මහ මැතිවරණයේ ජය නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයට

ග‍්‍රීසියේ මහ මැතිවරණයෙන් මධ්‍ය දක්ෂිණාංශික විරුද්ධ පක්ෂයක් වන නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය ජයග‍්‍රහණය කර තිබෙනවා.
සමස්ථ දිස්ත‍්‍රික්ක වලින් සියයට 88 ක ප‍්‍රතිඵල මේ වන විට නිකුත් කර අවසන්.
නිකුත් කර ඇති ඡන්ද ප‍්‍රතිඵල වලට අනුව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය සියයට 39 යි දශම 08 ක ජන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගෙන සිටිනවා.
පාලක වාමාංශික පක්ෂයට හිමි වී ඇත්තේ සියයට 31 යි දශම දෙකක ජන්ද ප‍්‍රතිශතයක් පමණයි.
මෙම ජයත් සමග නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ කිරියාකෝස් මිට් සොටාකිස් ග‍්‍රීසියේ මීළග අග‍්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වනු ඇතී.
පසුගිය මැයි මාසයේදී පැවති යුරෝපා මැතිවරණයේ පරාජයත් සමග වත්මන් අග‍්‍රාමාත්‍ය ඇලෙක්සිස් සිප්රා විසින් හදිසි මැතිවරණයක් කැඳවනු ලැබුවා.
2008 වසරේ ගෝලීය ආර්ථික අර්බුදයෙන් පසුව ග‍්‍රීසියේ පැවති 6 වැනි මැතිවරණය වන්නේ මෙයයි.


News Articles
Latest Videos
Most Popular Post