වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දෙණිය ග්‍රාම නිලධාරී වසමේ රණවරාව කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර පනහකට වඩා විනාශ වී ඇති බව වාර්තා වෙනවා.ඊයේ පස්වරුවේ හටගත් ගින්න රාත්‍රි වන විට උමාඔය ව්‍යාපෘතියේ ගිනිනීවිම් ඒකකය, වන සංරක්ෂණ නිලධාරීන් සහ වැල්ලවාය පොලීසිය එක්ව ගින්න පාලනය කර ඇති බව පැවසෙනවා.
පවතින දැඩි වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න පාලනය කිරීමට දැඩි බාධා එල්ල වී ඇති බවත් ගින්නෙන් රක්ෂිතයේ ඉපැරැණි ශාක සහ සතුන් විශාල ප්‍රමාණයක් විනාශ වී ඇති අතර කිසියම් පුද්ගලයකු සතුන් දඩයම් කිරිමේ අරමුණෙන් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලීසිය සැක පල කරයි.