එළවළු මිල ගණන් වාර්තා ගත ලෙස පහළ ගොස් තිබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනය පවසනවා.
තවදුරටත් ඔවුන් සදහන් කරන්නේ සෑම වසරකම මැයි ජුනි ජූලි මාසවල සාමාන්‍ය මිල මට්ටම්වල ඉහළ යෑමක් තමයි දක්නට ලැබෙන නමුත් මෙම වසරේ මෙම මාසවල සැලකියයුතු ලෙස මිල මට්ටම් පහළ යෑමක් දක්නට ලැබෙන බවයි.
මේකට ප්‍රධානතම හේතුව ලැබුනු වර්ෂාපතනය එළවලු වගාවට ඉතාමත් හොඳ පරිසරයක් ඇති කිරීම නිසා උඩරට සහ පහත රට කියන සියලුම එළවලු වර්ගවල මිල පහල මට්ටමක පැවතීමයි. එමෙන්ම එළවළු මෙන්ම සහල් සහ පොල් මිලද පහළ ගොස් ඇති බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.මෙම මාසයේ 20 වැනිදායින් පසු යල කන්නයේ අස්වැන්න ඉහළ මට්ටමින් වෙළඳපලට ලැබීම හේතුවෙන් මෙම මිල පහළ යාමට හේතු වී ඇතිබව එම ආයතනය වැඩිදුරටත් පැවසුවා.