මතභේදාත්මක රජයේ ඉඩම් විශේෂ විධි විධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිකුරාදා කල් තැබීමේ විවාදයක් පැවැත්වීමට පක්ෂ නායකයින් එකඟතාව පළ කර ඇති බවට වාර්තා වනවා. ඒ, අද (08) පෙරවරුවේ කථානායකවරයාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති විශේෂ පක්ෂ නායක රැස්වීමේදීයි.
ඒ අනුව අදාළ පනත් කෙටුම්පත ලබන සිකුරාදා විවාදයට ගන්නේද, නැද්ද යන්න සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම ද මෙම රැස්වීමේ ප‍්‍රධාන අරමුණක් වන අතර මතභේදයට තුඩුදී ඇති ඉඩම් පනතට එරෙහිව මේ වනවිට අධිකරණයට පෙත්සම් කිහිපයක් ඉදිරිපත්වී තිබීම ඊට හේතුවයි.