News Line| Off Air
Generic placeholder image

Jul
8

සෞඛ්‍ය ඇමතිගෙන් නව හදුන්වාදීමක්

865 Views


සෞඛ්‍ය ඇමතිගෙන් නව හදුන්වාදීමක්

හේතුව නොදත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා නිවසේ දී කාන්දු පෙරීම (Home Dialysis) හදුන්වාදීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

2019 ජාතික අයවැය ලේඛණය ඉදිරිපත් කිරීමේ දී නිදන්ගත වකුගඩු රෝගයේ බරපතලතාවය පිළිබද සදහන් කරමින් නිවසේ දී ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කළ හැකි කාන්දුපෙරණ යන්ත්‍ර ලබාදීම සදහා රුපියල් මිලියන 500 ක මුදලක් වෙන් කර තිබෙනවා.

ඒ අනුව එම යන්ත්‍ර ලබාගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කළා.

නිවසේ දී මෙම ස්වයංක්‍රීය කාන්දුපෙරණ ක්‍රීයාවලිය වඩාත් ආරක්ෂාකාරීව සිදුකර ගත හැකිවීම, මෙම වැඩසටහන මගින් පැය 24 පුරාම ඇමතුම් මධ්‍යස්ථාන සහ සේවා මධ්‍යස්ථාන මගින් ක්‍රියාත්මක වන වෛද්‍ය කණ්ඩායම්වල සහාය ලබාගැනීම, රෝගියාට ප්‍රතිකාර කරන අතරවාරයේ දී ජීව විද්‍යාත්මක වෛද්‍ය උපකරණ මගින් සෘජුවම රෝගියාගේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට වෛද්‍යවරුන්ට හැකිවීම, සෘජුවම දුරස්ථ පාලක ක්‍රමයක් මගින් යන්ත්‍රයට ප්‍රවේශ වී ප්‍රතිකාර නියම කිරීමේ හැකියාව, සිංහල, ඉංග්‍රීසි සහ දෙමළ භාෂා තුනෙන් ම රෝගියට යන්ත්‍රය සමග සන්නිවේදනය කිරීමේ හැකියාව වැනි ප්‍රධාන අංශ මෙම ව්‍යාපෘතියට ඇතුලත් වන්වා.

මෙම රුධිර කාන්දුපෙරණ ක්‍රියාවලිය රෝගියාගේ ජිවිත කාලය දිගු කරන වඩාත් කාර්යක්ෂම හා ඵලදායි ක්‍රමයක් ලෙස සායනික අධ්‍යයනයන් මගින් තහවුරු කර තිබෙනවා.

මෙම ක්‍රියාවලිය මගින් රෝගියාට වඩා හොද ජීවන තත්ත්වයක් ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරන අතර මෙම සේවාව එක් රෝගියෙකු සදහා එක් මසකට රුපියල් 103740.00 ක් වැය වන බව සදහන්.

මෙම වසරේ දී මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයා තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post