News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
8

හෙට ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමක්

425 Views


හෙට ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමක්

ඒකාබද්ධ විපක්ෂ නායක රැස්වීමක් හෙට පැවැත්වෙනවා.
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සාකච්ඡාව හෙට පස්වරු 06 .00 ට පැවැත්වෙන්නේ කොළඹ විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක නිල නිවසේ දීයි.
වත්මන් දේශපාලන තත්වය පිළිබදව සාකච්ඡා කිරීම සදහා මෙය කැදවා තිබෙනවා.
ආන්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කර තිබෙන විශ්වාසභංග යෝජනාව නව දේශපාලන සන්ධානයක් සැකසිම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමග පවත්වන සාකච්ඡා වල ප‍්‍රගතිය ඇතුලූ කරුනු පිළිබදව එහිදී අවදානය යොමු කරනු ඇතී.
මෙම හමුව සදහා කලූතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතාට ආරාධනා කර නැහැ.
මේ අතර එක්සත් ජනතා නිදහස් සංධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමක් ද හෙට පෙරවරු 11 .00 ට පාර්ලිමේන්තුවේ කමිටු ශාලා 02 දී පැවැත්වීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post