News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

ඉතිහාසයේ ප්‍රථම වතාවට වට්ටක්කා 200ට නගි

1305 Views


ඉතිහාසයේ ප්‍රථම වතාවට වට්ටක්කා 200ට නගි

මීට මාස කිහිපයකට පෙර වට්ටක්කා කිලෝවක් රුපියල් පනහකටවත් අලෙවි කර ගැනීමට නොහැකිව තොග පිටින් විනාශ කර දැමු අතර ඉතිහාසයේ ප්‍රථම වරට වට්ටක්කා කිලෝවක් රුපියල් 200 දක්වා මේ වන විට මිල ඉහල ගොස් තිබෙන බව වාර්තා වෙනවා.
හේන්වල බහුල වශයෙන් වගාකරන වට්ටක්කා වගාවන් පවතින නියං තත්වය හේතුවෙන් විනාශ වීම මේ මිල ඉහල යෑමට හේතු වී ඇති බව වාර්තා වෙනවා.
මේ තත්වය මත බොහෝ වෙළෙදසැල් හිමියන් වට්ටක්කා අලෙවි කිරිමද පවා අත්හැර දමා තිබෙන බව සදහන් වෙනවා.එමෙන්ම මේ වන විට වට්ටක්කා වෙළෙදසැල් වලට ලැබෙන්නෙද කලාතුරකින් බව වාර්තා වෙනවා.
මේ අතර මාස තුනකට පමණ පෙර තමන්ට සාධාරණ මිලක් නොලැබෙන බව පවසමින් වට්ටක්කා ගොවින් දීයත් කලා විරෝධතාවය හේතුවෙන් සහතික මිලට වට්ටක්කා මිලදි ගැනීමටද රජයට සිදුවෙනවා.


News Articles
Latest Videos
Most Popular Post