News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

“ඉරානය පරිස්සම් වුණොත් හොදයි” ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

637 Views


“ඉරානය පරිස්සම් වුණොත් හොදයි” ට්‍රම්ප්ගෙන් අනතුරු ඇඟවීමක්

ඉරානය සිය යුරේනියම් නිෂ්පාදනය ඉහළ නැංවීම සදහා ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පරිස්සම් වීම වඩා වැදගත් බව අමෙරිකා ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
ඉරානයේ න්‍යෂ්ටික වැඩ පිළිවෙල සම්බන්ධයෙන් ලෝක බලවතුන් හා 2015 දි ඇති කරගත් එකගතාවය බිද හෙළමින් පසුගිය ජුලි 07 වනදා සිට සිය යුරේනියම් නිෂ්පාදනය කීප ගුණයකින්ම වැඩි කරන බව ප්‍රකාශ කර තිබුණා. ඉරානය මෙම තීරණය ගැනීමට හේතු වී ඇත්තේ විශේෂයෙන්ම අමෙරිකාව පනවා ඇති සම්බාධක වැළක්වීම සදහා යුරෝපය මැදිහත් නොවීමයි.
නමුත් ඉරානය මෙලෙස යුරේනියම් නිෂ්පාදනය වැඩි කර තිබිම හොද දෙයක් නොවන බවත් ඉරානය මේ හේතුව නිසා පරිස්සමින් සිටිය යුතු බවට අමෙරිකා ජනපති ජර්සිහි මොරිස්ටවුන්හිදි පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post