කළුතර අල්විස් පෙදෙස ජලාශයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද(09) දින පැය 10 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජල ප්‍රවාහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව පෙරවරු 10 සිට පස්වරු 8.00 දක්වා කාලය තුළ වස්කඩුව, වාද්දුව, පොතුපිටිය, කළුතර උතුර සහ දකුණ, කටුකුරුන්ද සහ නාගොඩ යන ප්‍රදේශවල ජල සැපයුම මෙසේ අත්හිටුවීමට නියමිත බව වාර්තා වෙනවා.