පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකර මහතා අද (09) පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට සහභාගි වන්නේද යන්න පිළිබඳ එහිදී පැහැදිළි කරන බවයි මන්තී‍්‍රවරයා වැඩි දුරටත් සදහන් කළේ.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර දයාසිරි ජයසේකරට විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස මීට පෙර දැනුම්දී තිබුණද ඔහු ඊට සහභාගි වූයේ නැහැ. ඒ අනුව කාරක සභාව යළි රැස් වන හෙට (10) දිනයේද දයාසිරි ජයසේකර මන්තී‍්‍රවරයාටද කැඳවීමක් සිදුකර තිබෙන අතර හෙට දිනයේදී මෙයට සහභාගී වනවාද නැද්ද යන්න සම්බන්ධයෙන්ද අද දිනයේ සිදු කරන ප්‍රකාශය තුළින් පැහැදිලි වේ.