News Line| Off Air
Generic placeholder image

Jul
9

දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක විදුලි කප්පාදුවක්

559 Views


දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක විදුලි කප්පාදුවක්

ඛණිජ තෙල් සංස්ථාව විසින් විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබානොදීම හේතුවෙන් ඉන්ධන බලාගාරවල කටයුතුවලට බලපෑම් එල්ල වීමත් සමග දිවයිනේ ඇතැම් ප‍්‍රදේශවලට දෛනිකව පැයක පමණ විදුලි කප්පාදුවක් සිදු වන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා.

විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීම වෙනුවෙන් ඛණිජ තෙල් සංස්ථාවට අයවිය යුතු මුදල් මෙතෙක් නොලැබීම හේතුවෙන් මෙලෙස ඉන්ධන සැපයීම නතර කර ඇති බව වාර්තා වෙනවා.ඛණිජ තෙල් සංස්ථාව විදුලි බල මණ්ඩලයට ඉන්ධන සපයනු ලබන්නේ රුපියල් බිලියන 80ක ණය සීමාවකට යටත්වයි. මේ වනවිට එම ණය සීමාව ද ඉක්මවා යාම හේතුවෙන් ඛණිජ තෙල් සංස්ථාව මෙලෙස විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීම නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මේ ගැටලුව සම්බන්ධයෙන් අද (09) දිනයේ දී සාකච්ඡා කර තීරණයක් ගැනීමට අපේක්ෂා කරන බවද ඛණිජ තෙල් සංස්ථාවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සදහන් කළා.ඊයේ දිනයේ ද නොදන්වා පැයක පමණ කාලයක් විදුලි සැපයුම අත්හිටවූ බවට දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් වාර්තා වුණා.


News Articles
Latest Videos
Most Popular Post