News Line| Off Air
Generic placeholder image

Jul
9

දිස්ත‍්‍රික්ක 10 ක ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක්

745 Views


දිස්ත‍්‍රික්ක 10 ක ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක්

පවතින වර්ෂාවත් සමග කොළඹ, ගම්පහ, කලූතර, ගාල්ල, රත්නපුර සහ මහනුවර ඇතුලූ දිස්ත‍්‍රික්ක 10 ක ඩෙංගු රෝගය පැතිරීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඩෙංගු රෝග මර්ධනය සඳහා ඊයේ දිනයේ සිට ලබන මස 31 දක්වා දිවයින පුරා ඩෙංගු මර්ධන වැඩසටහන් රැසක් ක‍්‍රියාත්මක කර ඇති බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප‍්‍රජා වෛද්‍ය විශේෂඥ ප‍්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගය වැළඳීමෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

එම කාලසීමාව තුළ වාර්තා වී ඇති ඩෙංගු රෝගින් ගණන 26, 629 ක්.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පලාතෙන්.

කොළඹ දිස්ත‍්‍රික්කයෙන් පමණක් ඩෙංගු රෝගීන් 5, 706 දෙනෙකු වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත‍්‍රික්කයෙන් හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් ගණන 3, 427 ක්.

ඩෙංගු රෝගය මර්ධනය සඳහා තම පරිශ‍්‍ර පිරිසිදුව පවත්වා ගන්නා ලෙස ජාතික ඩෙංගු මර්ධන ඒකකය ඉල්ලීමක් කර සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post