News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 14 ක් අත්අඩංගුවට

557 Views


නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 14 ක් අත්අඩංගුවට

නීති විරෝධී ලෙස මෙරට රැඳී සිටි ඉන්දීය ජාතිකයින් 14 දෙනෙකු ආගමන විගමන දෙපාර්තමේන්තු නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් බෙන්තොට ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින හෝටලයක සේවය කරමින් සිට ඇති අතර ඉන් 12 දෙනෙකු සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති බව හෙළි වි ඇත්තේ සිදුකළ මූලික පරික්ෂණ වලදීයි.

අනෙක් සැකකරුවන් දෙදෙනා නේවාසික වීසා මත පැමිණ වීසා කාලසීමාව ඉක්මවා මෙරට රැඳී සිටි පුද්ගලයින් බව අනාවරණය වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට පසුවන්නේ මිරිහාන රැඳවුම් කඳවුර භාරයේයි.


News Articles
Latest Videos
Most Popular Post