News Line| Off Air
Generic placeholder image

Jul
9

පොළොන්නරුවට අයිස් වැස්සක්

1297 Views


පොළොන්නරුවට අයිස් වැස්සක්

මාස හයකට අධික කාලයක් පොළොන්නරුවට පැවැති නියං තත්ත්වය සහ වියළි කාලගුණික තත්ත්වය හමාර කරමින් වැලිකන්ද ප්‍රදේශයේ සහ අවට ගම්මානවලට අද(09) සවස අයිස් වැසි සමඟ අධික වැසි ඇඳ හැලෙමින් පවතිනවා.

වැලිකන්ද මඟුල් පොකුණ, සිංහපුර ඇතුළු ගම්මාන රැසකට මෙම අයිස් වැසි ඇඳ හැලී පවතින බව ප්‍රදේශවාසීන් සඳහන් කළ අතර මීට පෙර අවස්ථාවකදීද මනම්පිටිය මහව ප්‍රදේශයේ ද අයිස් වැසි ඇද හැලී තිබුණා.

මාස 6 කට අධික කාලයක් පොළොන්නරුව සහ ප්‍රදේශ රැසකට පැවැති නියං තත්ත්වය හේතුවෙන් ගොවි ජනතාව මහත් පීඩාවට පත්ව සිටි අතර පැවැති නියගයක් සමඟ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ජනතාව පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post