News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

මන්නාරම සිට කොළඹ දක්වා මුහුදු ප‍්‍රදේශ වල සුළං වේගය ඉහළ යෑමේ හැකියාවක්

532 Views


මන්නාරම සිට කොළඹ දක්වා මුහුදු ප‍්‍රදේශ වල සුළං වේගය ඉහළ යෑමේ හැකියාවක්

දිවයිනට බස්නාහිර දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරී වළාකුළු පද්ධතිය හේතුවෙන් මන්නාරම සිට කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය ක්‍ෂණිකව ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

ඒ අනුව එම මුහුදු ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි අතර, සුළං වේගය ක්‍ෂණිකව පැයට කිලෝමීටර 70 ත් 80 ත් අතර අගයක් ගනු ඇති බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ.

එබැවින් එම මුහුදු ප්‍රදේශ ක්‍ෂණිකව රළුවීමේ වැඩි හැකියාවක් පවතින අතර මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව වැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post