News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jul
9

ස්පෙක්ට්‍රම් අද මාලදිවයිනට

534 Views


ස්පෙක්ට්‍රම් අද මාලදිවයිනට

දිවයිනට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් කළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් නැමති ගුවන් යානය අද (09) උදෑසන මාලදිවයින බලා පිටත්ව ගියා.

දැඩි කතාබහට ලක්වූ මෙම ගුවන් යානය දකුණු අප්‍රිකාවට අයත් ස්පෙක්ට්‍රම් එයාර් ප්‍රොපටි සමාගමට අයත් එච්.සී. 47 වර්ගයේ ගුවන් යානයක්.

මෙම ගුවන් යානය පසුගිය ඉරිදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි අතර, එය පියාසර කරන අතරතුර පොළොව අභ්‍යන්තරයේ ඇති මීටර් 800ක දුරක් පරීක්ෂාවට ලක් කිරීමේ හැකියාව පැවතීම විශේෂත්වයක්.


News Articles
Latest Videos
Most Popular Post