ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පියවර ගෙන තිබෙනවා.
ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඩ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරනවා.
ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණා.
තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි එහි දී ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර ජනාධිපතිවරයා අද දහවල් පෞද්ගලික සංචාරයක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියා.
ඒ සිය පුතාගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහායි.