News Line| Off Air
Generic placeholder image

Jul
10

අතුරලියේ රථන හිමි සහ ආනන්ද අලුත්ගමගේ අතර උණුසුම් කතාබහක්

903 Views


අතුරලියේ රථන හිමි සහ ආනන්ද අලුත්ගමගේ අතර උණුසුම් කතාබහක්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව සහය දීමට එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
එම තීරණය ගෙන ඇත්තේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදීයි.
මෙහිදී අතුරලියේ රතන හිමියන් හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මන්ත‍්‍රීවරයා අතර උණුසුම් කතාබහක් ඇතිවූණා.
ඒ රතන හිමි විසින් ආරම්භකළ මාරාන්තික උපවාසය සම්බන්ධයෙන් අදහස් දැක්වීමත් සමගයි.
උපවාසය හේතුවෙන් රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව යටපත් කිරීමට සුදුසු වටපිටාවක් නිර්මාණය වූ බව මන්ත‍්‍රීවරයා එහිදී ප‍්‍රකාශ කලා.
ඉන් ප‍්‍රයෝජන ගත් ආණ්ඩුව විශ්වාසභංගය මඟ හැර ගියබවත්, රිෂාඩ් බදියුදීන් මන්ත‍්‍රීවරයා අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වී තම නිවරදි බව ඔප්පු කිරීමට උත්සාහගත් බවයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා වැඩිදුරටත් සදහන් කලේ.
නමුත් ඒ අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව සිදුකළ යුතු සුදුසුම ක‍්‍රියාව තමන් සිදුකළ බව ඊට පිළිතුරු ලබා දෙමින් පුජ්‍ය අතුරලියේ රතන හිමියන් එහිදී පැවසුවා.
එහිදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආනන්ද අලූත්ගමගේ මහතා යලි අදහස් දක්වා ඇති අතර ඊට මැදිහත් වු විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සදහන් කලේ පසුගිය සිදුවීම් කතා කිරීමෙන් ඵලක් නොමැති බව හා යළි එවැන්නක් සිදු කිරීමේදී සාකච්ඡා කළයුතු බවයි.
ඒ සමඟම පූජ්‍ය අතුරලියේ රතන හිමියන් රැස්වීම් ශාලාවෙන් පිටතට වැඩම කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post