ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී අද (10) විවාදයට ගැනෙන බව වාර්තා වෙනවා. ආණ්ඩුව පරාජය කර මහ මැතිවරණයක් ලබා ගැනීමේ අරමුණෙන් ජවිපෙ විසින් මෙලෙස ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවා.
මෙම යෝජනාව සදහා පක්ෂව ඡන්දය ලබාදෙන බව ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රකාශ කළ අතර මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන කණ්ඩායම හෝ පුද්ගලයින් කවුරුන් වුවත් එය රජයේ වැඩපිළිවෙලට එරෙහිව ඉදිරිපත් වන්නක් නිසා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි සිය පක්ෂය කටයුතු කරන බවය.
මෙම විශ්වාසභංග යෝජනාවෙන් ජයගත හැකි බව ආණ්ඩුව පවසනවා. ඊට ප‍්‍රතිචාර දැක්වූ කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී. පෙරේරා සඳහන් කළේ ආණ්ඩුවට එරෙහි චෝදනා සත්‍යයෙන් තොර බවයි. ආණ්ඩුව පෙරළීමට නම් එල්ල කරන චෝදනා සත්‍ය විය යුතු බවද සඳහන් කළා. වසර 05ක පූර්ණ ධූර කාලය දැරීමට මෙම රජය අපේක්ෂා කරන බවද ඒ මහතා වැඩි දුරටත් පෙන්වා දුන්නා.
මේ අතර විශ්වාසභංග යෝජනාවේදී ගන්නා තීරණය සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණට සහාය නොදක්වන ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මන්තී‍්‍රවරුන් අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර අද පාර්ලිමේන්තුවේදී ඔවුන්ගේ තීරණය ප්‍රකාශ කරනු ඇති.
ඒ අනුව ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් වී ඇති විශ්වාසභංග යෝජනාවට අදාල විවාදය අද (10) සහ හෙට (11) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් පසු හෙට පස්වරුවේ ඊට අදාල ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතයි.