News Line| Off Air
Generic placeholder image

Jul
10

කාසල්රි මවුස්සාකැලේ ජලාශ හිදෙයි

578 Views


කාසල්රි මවුස්සාකැලේ ජලාශ හිදෙයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට නිසි කලට වැසි නොලැබිම සහ තවදුරටත් පවතින අධික වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව තවදුරටත් පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලය පවසනවා.මවුස්සාකැලේ ජලාශයේ සම්පුර්ණ ජල ධාරිතාව අක්කර අඩි අනු තුන්දහසක් වන අතර එම ජල ධාරිතාවන මේ වන විට අක්කර අඩි 39.5 දක්වා (26.7%) පහල බැස ඇති බව විදුලි බල මණ්ඩලය සදහන් කරනවා.

එම ජලාශ දෙකේම ජල ධාරිතාව පහල බැස ඇති නිසා ජලාශවලට දුපත් රැසක් සහ ජලාශ ඉදි කිරිමේදි යට වු නටබුන් රැසක් මේ වන විට දක්නට ඇති බව වාර්තා වෙනවා.

එමෙන්ම කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල දැනට තිබෙන ජල ධාරිතාව විමලසුරෙන්ද්‍ර, ලක්ෂපාන , නව ලක්ෂපාන , පොල්පිටිය ,කැනියොන් යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනයට ජලය නිකුත් කර ඉදිරියේදි තවදුරටත් වියළි කාලගුණ තත්ත්වය පැවති හොත් එම ජලාශ දෙකේ ඉතිරිවන ජල ධාරිතාව පානිය ජලය සදහා තැන්පත් කර ගත යුතු බවද විදුලි බල මණ්ඩලය වැඩි දුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post