News Line| Off Air
Generic placeholder image

Jul
10

දින නියමයක් නොමැතිව රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ වසා දමයි

532 Views


දින නියමයක් නොමැතිව රුහුණු සරසවියේ වැල්ලමඩම පරිශ්‍රයේ  පීඨ වසා දමයි

රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අද(10) පස්වරු 4 සිට දින නියමයක් නොමැතිව වැල්ලමඩම පරිශ්‍රයේ සියලු පීඨ වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරීය තීරණය කර තිබෙනවා.මේ අතර අද දිනයේදී විශ්වවිද්‍යාලයේ අනධ්‍යන සේවකයින් සියලු සේවා කටයුතු වලින් ඉවත්ව තිබුණු අතර මෙවන් පසුබිමක අද පෙරවරුවේ උපකුලපතිවරයා සහ විශ්ව විද්‍යාල අන්‍යධයන කාර්ය මණ්ඩල සේවකයින් අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙන බව වාර්තා වෙනවා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රුහුණු විශ්වවිද්‍යාලයේ ලිපිකාර හා කාර්මික සේවා සංගමයේ, මධ්‍යම කාරක සභික එච්.ජි.කැලුම් මහතා පවසා සිටියේ, මෙම තත්ත්වයට නිසි පිළිතුරක් ලැබෙන තුරු සේවයට වාර්තා නොකරන බවයි. මෙම ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 10දෙනෙකු, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයෙකු සහ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරියෙකු මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post